පිළිස්සී මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයාත් අවාසනාවන්ත ලෙස මිය යයි..(PHOTOS)

Police spokesman Sri Lanka Police Fire Accident Death
By Aruna Jul 26, 2023 01:22 AM GMT
Aruna

Aruna

Report

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

අද (26) අලුයම මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අදාළ නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් පසුගිය 23 වනදා මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයායි.

යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ තරුණයා පිළිස්සුම් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් ඊයේ (25) ඔවුනගේ ඥාතීන්යා පනය පිහිටි පෞද්ගලික රෝහලකට ඔහුව ඇතුළත් කර තිබුණා.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha