හිස බිත්තියක වැදී මෙලොවින් සමුගත් මාස 06 ක බිලිදියගේ සංවේදි කතාව.

Sri Lanka Death
By Sithumi Oct 01, 2023 05:53 PM GMT
Sithumi

Sithumi

Report

ඌරුබොක්ක පොලිස් වසමේ මැකිලියතැන්න කටුවන ගෙදර ලිපිනයේ පදිංචි වයස මාස 6ක් වයසැති යුජී නුවදි ලියාසා ගිම්සදී බිලිදිය මියගොස් තිබෙනවා.

ඊයේ සවස (30) වේලාව 4ත් 5ත් අතර කාලයේ බිලිදියගේ මව විසින් බිලිදිය උණුවතුරෙන් ඇග පිසදා තෙත මාත්තු කරමින් සිටින අවස්ථාවේ නිවසේ ඇති කරන සුනඛයා මවගේ කකුලෙන් ඇල්ලු බව මව පවසන අතර ඒ දෙස බැලීමේදී දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවට මව පොලීසියට පවසා තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ බිලිදිය සහ මව පමණක් වන අතර ස්වාමි පුරුෂයා නිවසේ නොසිට ඇති අතර පසුව ස්වාමිපුරුෂයා සවස පැමිණ දරුවා සමග කතාකර පසුව ටික වෙලාවකින් දරුවගේ නහයෙන් කිරි වහනය වී තිබෙනු දැක තිබෙනවා.

පසුව පරික්ෂා කිරීමේ දී හිස නිල්පාට වී තිබු බවත් පියා විසින් වහාම දරුවා හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට රැගෙන යෑමට අවශ්‍ය බවත් ගංවතුර හේතුවෙන් වලස්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාතර ස්ථානීය අපරාධ පර්යේෂණ නිළධාරීන් පැමිණ පරික්ෂණ ආරම්භ කරන ලදී.

මොරනක වැඩබලන මහේස්ත්‍රාත් සී.එස්.දිසානායක මහතා පැමිණ මහේස්ත්‍රාත් පරිකෂණය පවත්වන ලදි.

මහේස්ත්‍රාත්වරයා ඌරුබොක්ක පොලිසියට නියෝග කර සිටියේ, වලස්මුල්ල මහේස්ත්‍රාත් වරයාට කරුණු වාර්තා කර මළ සිරුර පරික්ෂා කර පස්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.


ReeCha