බිලිඳු මළ සිරුරක් ඇළ මාර්ගයකින් හමු වෙයි.
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
අද (24) අලුත උපන් බිලිඳු මළ සිරුරක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි හමු වී තිබෙනවා.
ඒ එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසකට මෙය හමු වී ඇත.
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සාන්ත ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට මෙම ඇළ මාර්ගය පිහිටා ඇත.
කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා බිලිඳු මළ සිරුරක් පාවෙමින් තිබී ඇත.
නෝර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමක් මත බිලිඳු මළ සිරුර සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් නෝර්වුඩ් පොලිසිය විසින් බිලිඳා බිහි කළ මව සොයා විමර්ශන සිදුකරනු ලබයි.
