අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් දරුවෙකු ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Accident
By krishani Apr 15, 2023 04:09 AM GMT
krishani

krishani

Report

කහටගස්දිගිලිය - නෙකුටවැව ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් 16 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, තවත් ළමුන් පිරිසක් සමග නිවස ආසන්නයේ අවුරුදු ක්‍රීඩා කරමින් සිටිය දී ය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ එම අනාරක්ෂිත ළිඳේ ජලය පිරී තිබී ඇති බව ය.

මෘතදේහය කහටලස්දිගිලිය රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join