මතුගම කාණුවක නාදුනන මළ සිරුරක්
මතුගම අගලවත්ත ප්‍රධාන මාර්ගයේ යටියන ආයතනයක් අසල කාණුවක තිබූ මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් සොයාගෙන ඇති බව මතුගම පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ විස්තර අනුව, ඔහු ඉත්තපාන පොලිස් වසමේ, අන්නාසිගල හේන, මිරිස්වත්ත, ඉත්තපාන ලිපිනයේ පදිංචි හේවගේ දොන් තුෂාන්ත ලක්මාල් (වයස 42) ය.
මෘත දේහය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කලුතර මහ රෝහලට යොමු කර ඇති අතර, මරණයට හේතුව මේ වන විට තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.