දයාසිරි ජයසේකරගේ පුතා පෙම්වතිය සමඟ සිටියදී සේසතම කොල්ල කෑ සොරා.
Sri Lanka Police
Sri Lanka
Dayasiri Jayasekara
By Wayomi
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් වන නීතිඥ කවීන් ජයසේකර සිය පෙම්වතිය සමඟ බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාව මංකොල්ල කා තිබෙනවා.
සැකකරු මන්ත්‍රී පුතුගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.
පසුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් තිබෙනවා.
ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරුව හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.