රණවිරු සැමරුමට යන්නෑ කියලා යන එක සුදුසු නෑනේද - දයාසිරි

Report

රටක ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍ය ආරක්ෂාව රැකීම රටක ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව සමගි න බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ප්යසේකර පවසනවා. ඒ අනුව, සෑම වසරකම මැයි 19 වන දින රණවිරුවන් සැමරීම රජ්ය විසින් සිදුකළ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සෑම ජාතියකට අයත් පිරිස් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මියගිය බවද, මෙම යුද්ධය සිංහල ජනතාව දෙමළ ජනතාවට එරෙහි කළ යුද්ධයක් නොව, මෙය උතුරේත් දකුණේත් සියලුම ජනතාව බේරා ගැනීමට කළ යුද්ධයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

රණවිරුවන් සමරන අවස්ථාවට නොයා සිටීමට තීරණය කර, සමාජ මාධ්‍යවලින් එයට විරෝධය දැක්වීම හමුවේ පසුව එයට යාමට තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු කටයුත්තක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ප්යසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්