ඩයනා ගමගේ ඇමතිධූරයෙන් ඉවත් වෙයි?..හේතුව මෙන්න..

Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 06, 2022 06:32 AM GMT
Aruna

Aruna

Report

තමන් සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට අවශ්‍ය විෂය පථය වෙන්කර ලබා නොදෙන්නේ නම්, තමන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.

තමනට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට සැලසුම් රැසක් ඇති බවද පවසන ඇය ඊට අදාළ බලතල බෙදා දීමක් සිදු කළ යුතු බවද සඳහන් කරයි.

එසේ නොමැතිව මහජන මුදල් නාස්ති කිරීම සූදානමක් නැති බවද ඇය කියා සිටියා.

තමන් රාජ්‍ය ඇමතිවරිය ලෙස පත්වී ගතවූ සති තුනක පමණ කාලයේ දී සංචාරක ආකර්ෂණය ඇති ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකා වල නිරත වු බවත් එම ප්‍රදේශ වල කිසිදු යටිතල පහසුකමක් ඉදි කර නැති බව හඳුනා ගත් බව ඇය තවදුරටත් කියා සිටියාය.

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රියට ජනතාව එලියට ගොස් විනෝද වීමත් එමගින් රජයට මුදල් ඉපයීමත් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha