මවකට මෙවැන්නක් කළ හැකි ද?.. තම දියණිය ඝාතනය කර සිරුරේ කොටස් ශීතකරණයේ දැමූ මවක්..

By krishani Aug 31, 2023 12:22 PM GMT
Report

සිය දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ නව හැවිරිදි දැරියකයි.

එම දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ හි පිහිටි ඇගේ නිවසේ ශීතකරණයක් තුළ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අගෝස්තු 26 වනදා 30 හැවිරිදි Ruth Floriano නමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය පසුගිය අගෝස්තු 8 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කර ඇති බව වාර්තා වේ.

ඉන් පසුව දැරිය ඝාතනය කළ බව Ruth Floriano නමැති මෙම කාන්තාව පොලිසියට සඳහන් කර තිබෙනවා.

මේ අතර ඇයගේ අනෙක් දරුවන් දෙදෙනා ළමා ආරක්‍ෂිත මධ්‍යස්ථානයක භාරයට පත් කර ඇත.

ඇය තම දියණිය වන ඇලනි සිල්වාගේ සිරුරේ කොටස් කපා දැමීමට පහසු ක්‍රමයක් සොයා ගැනීමට අන්තර්ජාලය ගවේෂණය කර තිබෙනවා.

ඒ බව බ්‍රසීල සිවිල් පොලිසියට ඇය පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, තම දියණියට පියාගෙන් වෙන්වීම පිළිගැනීමට නොහැකි වූ නිසා මෙම ඝාතනය සිදු කළ බව ඇය පොලිසියට පවසා ඇත.