සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින
Exams
By Thaya
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මස පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුන්ට ඉදිරියේදී ලිඛිතව දැනුම්දීම් සිදු කරන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. 2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 622,352කු අයදුම්කර තිබේ
