උසස් පෙළ අවසන් වන දිනය වෙනස් වෙයි. - අවලංගු වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට යළි දින නියම වෙයි.
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට දින නියම වී තිබෙනවා.
ඒ, අනුව එම ලබන මස එනම් පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පසුගිය 10 වෙනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කරනු ලැබුවා.
ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
