වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් අවලංගු කෙරේ..!
විභාග දෙපාර්තමේන්තුව විසින්, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්වුණි.
කෙසේවෙතත් සිදුකරන ලද විමර්ශනයේ දී එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
Sponsored By Sarrita Jewellery
