දසුන් ශානක මාධ්‍යට කී විශේෂ දේ..

Cricket Sri Lanka Cricket
By Sithumi Sep 15, 2022 04:57 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා විස්සයි 20 සහ එක්දින නායක දසුන් ශානක අද (15) ශ්‍රී ලංකා මාධ්‍යයට වසර ගණනාවක් පුරා තමාට සහ කණ්ඩායමට ලබා දුන් දැවැන්ත සහයෝගයට ස්තූතිය පුද කළේය.

“මුලින්ම මම මාධ්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕන, මම කපිතාන් කෙනෙක් වෙන්න කලින් මට මෙතැනට එන්න මාධ්‍ය විශාල වශයෙන් උදව් කළා. මට හොඳට මතකයි කවුරුත් නොදන්න SSC එකට ඇවිත් T20 මැච් එකක හයේ පහර 16ක් එක්ක මම ශතකයක් ගැහුවා. ඒ වෙලාවේ මාධ්‍ය ඒක ගෙනල්ලා මාව රටට හඳුන්වා දුන්නා. එතනින් තමයි ගොඩක් අය මගේ නම දැනගත්තේ” දසුන් ශානක කීවේය.

“ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මා දැන් ඉදිරියට පැමිණ තිබෙන්නේ මාධ්‍ය ලබාදුන් සහයෝගයෙන්. මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් මට සහ ක්‍රීඩකයන්ට ලබාදුන් උදව්වට මම නිහතමානීව ස්තූතිවන්ත වෙනවා” ශානක වැඩිදුරටත් පැවසීය. “සමහර ප්‍රශ්න තිබුණත් මම කවදාවත් මාධ්‍ය එපා කියන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඕනම දේකට මම මාධ්‍යයට එනවා. ඒ වගේ ම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් වෙනුවෙන් මම මාධ්‍යවේදීන්ට ස්තූතිවන්ත වෙනවා අපට ලබාදුන් සහයෝගයට” ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩි ආවරණයක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට සහාය වන ලෙස ද නායක දසුන් ශානක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. හොඳ සහ දුෂ්කර කාලවලදී කණ්ඩායමට නිර්මාණාත්මක විවේචන සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර ඉස්මතු කරමින් සහාය දෙන ලෙස ඔහු සියලු මාධ්‍යවලින් ඉල්ලා සිටියේය.

ReeCha