හිටපු නීතිපතිට එරෙහිව නීතිමය පියවර ගැනීමට යයි..
Sri Lanka
By Sithumi
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.
අද (21) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත් හිටපු නීතිපතිවරයා අදත් එහි පැමිණ නොතිබුණා.
ඒ අනුව මේ පිළිබද වාර්තා වන්නේ ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවට හිටපු නීතිපතිවරයාට දැනුම් දී ඇති බවයි.
පාස්කු ඉරුදින විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට පසුගිය 19 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණත් දප්පුල ද ලිවේරා මහතා එදින එම කොට්ඨාසය හමුවේ පෙනීසිට නොතිබුණු අතර කෙසේවෙතත් නීතිඥවරයෙකු මාර්ගයෙන් නෛතික විරෝධතාවයක් ගොනු කිරීමට හිටපු නීතිපතිවරයා එදින කටයුතු කර තිබුණා.