කාලෙකට පස්සෙ පිත්ත අතට ගෙන පිටියට ආ ධනුෂ්කට මොකද වුණේ?. (PHOTOS)
By krishani
ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක් වීය.
පසුව එරට අධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණු අතර ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමේ තහනම ඉවත් කිරීමට SSC ක්‍රීඩා සමාජය කටයුතු කෙරිණ.
ඒ SSC ක්‍රීඩා සමාජයේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි.
ඒ අනුව ඔහුට ලබා දී තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමත් සමග ධනුෂ්ක අද සිට SSC සමග ක්‍රීඩා කරනු ලබයි.
නුගේගොඩ Sports Welfare club කණ්ඩායම සහ SSC පැවැත්වෙන තරගය Major Clubs limited overs තරගාවලියේ එක් තරගයක් ලෙස පැවැත්වෙයි.
ධනුෂ්ක ක්‍රීඩා කළ මෙම තරගයේ දී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ පන්දු 21කට හතරේ පහර දෙකක් සමගින් ලකුණු 10ක් පමණයි.
කෙසේ වෙතත්, ඔහුට එල්ල වී තිබූ චෝදනාවලින් අනතුරුව ඔහු සහභාගි වූ ප්‍රථම තරගය මෙය වේ.