ධනුෂ්කගෙ ඉවත් කළ ක්‍රිකට් තහනම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?..

Cricket Sri Lanka Danushka Gunathilaka
By krishani Oct 17, 2023 03:32 PM GMT
krishani

krishani

Report

අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස සිට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට කටයුතු කළේ ය.

නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවයි.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ දී පැවතියේ ය.

ඒ අතරතුරදී එහි තරුණියකට ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට පැමිණිල්ලක් ඉදිරිපත් විය.

ඒ අනුව ඔහුව 2022 වසරේ නොවැම්බර් මස 6 වෙනිදා සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සමග 2022 නෙවැම්බර් මාසයේ සිට ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැණින.

මේ අතර 2023 වසරේ සැප්තැම්බර් 28 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරිණ.

ඒ අනුව අද (17) උදෑසන ධනුෂ්ක ගුණතිලකට පැනවු තරග තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කළේ ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

"අධිකරණයට කරුණු වාර්තා කරලා නීතිපති උපදෙස් එක්ක තමයි ඔහුට තහනම ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඔහුගේ තහනම ඉවත් කරන්න නම් නැවත නීතිපති සමග සාකච්ඡා කරන්න අවශයයි.අධිකරණයටත් කරුණු වාර්තා කරලා තමයි එහි ඉදිරි කටයුතු කරන්න ඕනේ. ඒ නඩුව තාම පවතිනවා." යනුවෙන් ය.

ReeCha