ධනිෂ්ක නිදහස් වීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍යය ට කියූ දේ මෙන්න..

Report

ධනිෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දුෂණ චෝදනාවෙන් ඔහු නිදොස්කොට නිදහස් කර අධිකරණය විසින් අද තීන්දුව ලබා දෙනු ලබුවා.

එහි දී ප්‍රථම වතාවට ඔහු තමාට එල්ල වූ චෝදනා ගැන සහ නඩු තීන්දුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් මෙහිදී ඔහු මාස 11ක් වැනි අමාරු කාලය තුළ ඔහුට ශක්තියක් වූ ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නීතීඥයින්ට, කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ සහාය ලබා දුන් අනෙකුත් සියලු දෙනාට ස්තූතිය පුද කර තිබේ.

එහිදී අදහස් දැක් වූ ධනිෂ්ක ගුණතිලක, "මාස 11ක් වැනි අමාරු කාලය තුළ මාත් එක්ක හිටපු නීතීඥයින්ට, ශ්‍රී ලංකාවේ සිටින කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් අයට මට ලබා දුන් ඒ සහයෝගයට ස්තූතියි.

හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා කරනකන් මට ඉවසිල්ලක් නැහැ.”

ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රිකට් තහනමකට ලක් වුණා.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර ටෙස්ට් තරග 8ක් ඇතුළුව තරග 100කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු තරග කළා.

ඔහු T20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය නමුත් එක් තරඟයක් ක්‍රීඩා කිරීමෙන් පසු ආබාධයක් නිසා ඉවත් වන්නට සිදු විය.

ධනිෂ්ක සහ 29 හැවිරිදි තරුණිය කරපු සියල්ල ගැන හෙළිවූ කරුණු පහත නිවුස් එකට පිවිසීමෙන් දැනගන්න.

කොන්ඩම් එක නිසා ධනුෂ්ක ගුණතිලක බේරෙයි..ඔහුට සිදුවූ සියල්ල සමඟ අවසන් තීන්දුව මෙන්න..

කොන්ඩම් එක නිසා ධනුෂ්ක ගුණතිලක බේරෙයි..ඔහුට සිදුවූ සියල්ල සමඟ අවසන් තීන්දුව මෙන්න..