ධනුෂ්ක ගුණතිලක ගැන අලුත්ම තීරණයක් - විශේෂ සහනයක් හිමිවෙයි..!
By Sewvandhi
ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ. අද (23) 31 හැවිරිදි ගුණතිලක සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි.
ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |