ධනිෂ්ක ගුණතිලකට විරුද්ධව සුරූපී තරුණිය දැමූ නඩු විභාගය අවසන්..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ විභාග වූ ලිංගික අතවර නඩුවේ විභාගය අවසන් වී තිබෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් විනිසුරු සාරා හගෙට් සිය තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 28) ප්‍රකාශ කරන බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පවසන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය පසුගිය 18 වැනිදා මුල් වරට කැඳවා තිබූ අතර මෙම නඩු විභාගය දින තුනක් හෝ හතරක් පවතිනු ඇති බවටයි මීට පෙර අවස්ථාවකදී විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.
