ලිංගිකව හැසිරෙන තරුණ තරුණයින්ට රතු එළියක්..විශේෂයෙන් මේ අය දැඩි අවධානයෙන් ඉන්න..

National Health Service Office of Public Health
By Aruna Jun 22, 2024 05:20 AM GMT
Aruna

Aruna

Report

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙනු ලබනවා.

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ පැවසුවේ, ඉකුත් 2022 වසරේ සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ අතර ඉකුත් 2023 වන විට එම සංඛ්‍යාව 690 වී ඇත.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බවයි. විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවත් , වෛද්‍යවරයා කියා සිටියේ.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලදී උපත් පාලන කොපු භාවිත කිරීමට ඔවුන් දක්වන මැළිකම මෙවැනි රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..


විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින්, කණ්ඩායම් වශයෙන් ලිංගික හැසිරීම්වල යෙදීමේ වැඩි නැඹුරුවක් ඇති බවත්, එවන් අවස්ථාවලදී උපත් පාලන කොපු භාවිත කිරීමක් නොවන නිසා ලිංගාශ්‍රිත රෝග වැඩිවශයෙන් බෝ විය හැකි බවයි.