පුවත් පත් දැන්වීම් වලින් මෙහෙකරුවන් සොයන ඔබ වඩාත් විමසිලිමත් වෙන්න..බලන්න මේ වෙලා තියන දේ..

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jul 23, 2024 08:15 AM GMT
Piyumika

Piyumika

Report

සති අග පුවත්පතක පළ කර තිබූ දැන්වීමක් අනුව කොළඹ 13 නිව් හැම් චතුරස්‍රයේ ව්‍යාපාරික නිවසකට මෙහෙකාර වෙසින් පැමිණ විනාඩි 20ක් වැනි සුළු කාලයක දී රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලාගිය කාන්තාවක් වෙරළබඩ පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත් විය .

සැකකාරිය සොරාගෙන තිබූ පවුම් 11 1/2 බර රන්මාලයක්, මුදු 2ක්, කරාබු ජෝඩු 2ක් හා අත් පලඳනාවක් ද පොලිස් බාරයට ගනු ලැබුණි .

සිව් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු..

සිව් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු..

"අවුරුදු 75ක් සහ 73ක් වයසැති වයෝවෘද්ධ ව්‍යාපාරික යුවළක් මෙහෙකාර සේවය සඳහා කාන්තාවක් සොයයි" යන මැයෙන් සති අග දෙමළ පුවත්පතක ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන අංකය ද සමඟ පළ කර තිබූ දැන්වීමක් අනුව එම නිවසට පැමිණ මෙම රන් භාණ්ඩ තොගය සොරාගෙන තිබූ බව පොලිසිය පවසනවා.

ඉකුත් 15 වැනිදා ව්‍යාපාරික නිවස වෙත පැමිණි සැකකාරිය උදේ ආහාර නොගෙන කළුතර සිට පැමිණි බව පැවසූ බැවින් ව්‍යාපාරික කාන්තාව බනිස් කෑමට දී තේ පිළියෙල කිරීම සඳහා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේ රන්බඩු තොගය ද සොරාගෙන පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

දුරකථන ඇමතුම ලබාදුන් අංකය ඔස්සේ සැකකාරිය දෙමටගොඩ පදිංචිකාරියක් බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකාරිය 2009 වසරේ සිට මේ දක්වා මෙවැනිම අපරාධ 15කට ආසන්න ප්‍රමාණයකට වරින් වර සිරගතව සිට මීට සති 2කට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි තැනැත්තියක බවයි අනාවරණය වී ඇත්තේ.

දස හැවිරිදි දියණිය කෙලෙසූ නරුම පියා අත්අඩංගුවට..

දස හැවිරිදි දියණිය කෙලෙසූ නරුම පියා අත්අඩංගුවට..

එමෙන්ම ඇය මෙසේ පුවත්පත්වල පළ කර තිබෙන දැන්වීම් හරහා නිවාසවල සේවය කරන මුවාවෙන් ගොස් ඉතා සුක්ෂ්ම ලෙස රන් භාණ්ඩ හෝ මුදල් ඇත්දැයි සොයා බලා ඒවා නොමැති නම් කිසියම් හෝ බොරුවක් පවසා එම නිවසින් පිටවීම පුරුද්දක් කරගෙන ඇති බව පොලිසිය පවසා සිටි .

රන් භාණ්ඩ තොගය දෙමටගොඩ මූල්‍ය ආයතනයකට සහ පිටකොටුව හෙට්ටි විදිය ප්‍රදේශයට ද විකුණා තිබිය දී සොයාගෙන ඇති අතර, සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%