කොළඹ වෝඩ් පෙදෙසේ බිහිසුණු ඝාතනයේ අලුත්ම කතාව..(VIDEO)

Sri Lanka Police Colombo Sri Lanka Crime Murder
By Piyumika Jul 23, 2024 09:08 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගන්නා ලදී.

අද (23) අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී එම මළ සිරුර කුරුඳුවත්ත පොලීසිය මඟින් සොයා ගනු ලැබීය.

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

පසුව ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බවය. ත්‍රිරෝද රථය තම මස්සිනාට කූලී ගමන් යෑම සඳහා ලබා දී ඇති බව, එම පුද්ගලයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත.

ඒ අනුව පොලීසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා 33න් හැවිරිදි චමින්ද කුමාර නම් ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

දිවා කාලයේදී ඇලුමීනියම් ආශ්‍රිත රැකියාවක නිරතව ඇති ඔහු රාත්‍රී කාලයේදී කුලී රථ ධාවනය කරන අයෙකු බව පොලීසිය සඳහන් කළේය. ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසීය.

ඝාතනයට ලක් වූ පුද්ගයාගේ පපුවේ සහ ගෙලෙහි තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල දෙකක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. එමෙන්ම ඔහුගේ සිරුර පසුපස අසුන අසළ වැටී තිබීම හේතුවෙන් පොලීසියට සැකයක් මතුව තිබේ. ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩියක් කැඩී මාර්ගයේ වැටී තිබුණි.

පුවත් පත් දැන්වීම් වලින් මෙහෙකරුවන් සොයන ඔබ වඩාත් විමසිලිමත් වෙන්න..බලන්න මේ වෙලා තියන දේ..

පුවත් පත් දැන්වීම් වලින් මෙහෙකරුවන් සොයන ඔබ වඩාත් විමසිලිමත් වෙන්න..බලන්න මේ වෙලා තියන දේ..

කෙසේවෙතත් ඝාතනය කළ පුද්ගලයා හා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ අනුව පොලිසිය ප්‍රදේශයේ ඇති CCTV කැමරාද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. මේ අතර අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකළේය.

සිව් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු..

සිව් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු..

අනතුරුව දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකකරයි.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%