“රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි” මෙහි ඇත්ත නැත්ත..

By Sewvandhi Sep 22, 2021 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි යැයි තමාට සිතෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම පමණක් ප්‍රමාණවත් බව තම අදහස යැයිද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසු අතර වැඩිදුරටත් සඳහන් කළේ

”මගේ පෞද්ගලික මතය රන්ජන් වැරද්දක් කළා.ඒකට එයාට දඬුවමක් ලැබුනා. ඒ තමයි ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වීම. ඒක පුද්ගලයෙකුට ලැබෙන්න පුලුවන් විශාල දඬුවමක්.මට දැනෙන විදිහට රන්ජන්ට මේවගේ දඬුවම් දෙකක් දීම බරපතල වැඩියි.අපි කවුරුවත් ද්වේශසහගතව ඔහු දිහා බලන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා”යනුවෙනුයි

----------------------------------------------------------

හිමි නමක් ආණ්ඩුවට කළ ප්‍රබල චෝදනාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now