අද සමස්ත ආසාදිතයින් ගණන - ආසාදිතයින් යළි වැඩි වෙයි.
Corona virus
Covid 19
By Sithumi
අද දින තවත් කොරෝනා ආසාදිතයන් 210 ක් වාර්ථා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 742 ක්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 422 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 529,662ක් දක්වා ඉහළගොස් තිබේ
තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ
. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,305කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |