අදදින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් එක වරම වාර්තා වෙයි

sri lanka Covid patients today patients
By Sithumi Sep 12, 2021 12:11 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2022ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති   ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.  

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,579ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 412,812ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද තහවුරු කළා. ඔහු සඳහන් කළේ එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි. 

 නිදන්ගත රෝග සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්. ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි. 

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පැවසුවේ ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන ෆයිසර් එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි. මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 225,521ක්. 

ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 87,341 ක් ලබා දී ඇති අතර දෙවැනි මාත්‍රාව වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 138,180 ක්. ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 2,802ක් මෙරටින් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 483,280ක් දක්වා ඉහළ ගියා.

  හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කෝපායි ගුරු විද්‍යාලයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි. මේ අතර, කොරෝනා ආසාදිතව ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ 56 හැවිරිදි සුප්පයියා ඉලන්ගෝවන් නැමති තිදරු පියෙක්. 

අතුරුදන් වූ පොලිස් සැරයන්වරයා සොයා ගම්පොල සහ කොත්මලේ පොලිස් ස්ථාන එක්ව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. පසුගිය 10 වනදා සිදුවූ කොරෝනා මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. වාර්තා වූ මරණ අතරින් 130ක්ම අවුරුදු 60 ඉක්මවූවන්. ඊට අමතර අවුරුදු 30ත් - 59ත් අතර පුද්ගලයින් 23 දෙනෙකු හා අවුරුදු 30 ට අඩු 04 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 නව කොරෝනා මරණ 157 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,152 ක් ලෙසයි. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු දිනයේදී පුද්ගලයින් 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 38 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

එමෙන්ම, ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අඛණ්ඩව විවෘතව තැබීම සඳහා හිමි වූ අවසරය අනුව අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති අකාරය දක්නට ලැබුණා. කෙසේ නමුත්, මැනිං වෙළෙඳපොළ පොදු වෙළඳ සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් පැවසුවේ පහතරට එළවළු වර්ග ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now