දෛනික ආසාදිතයින් යළිත් වැඩිවේ.- අද මුළු ආසාදිතයින් සහ මරණ ගණන

Covid 19 Sri lanka corona vorua
By Sithumi Sep 11, 2021 03:24 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ට අමතරව තවත් ආසාදිතයින්  914 ක් හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2796ක්.

තවද, අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,605ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 411,233ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම , අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 157 ක් වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෙපාර්තුමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම මරණ ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් මරණයි. ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුවයි. මේ දක්වාම රටෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 11152 දක්වා ඉහළ ගොස් තිබේ. එම වාර්තාව පහතින් 

දෛනික ආසාදිතයින් යළිත් වැඩිවේ.- අද මුළු ආසාදිතයින් සහ මරණ ගණන | Daily Covid Patients In Sri Lanka

===============================================

අගමැති මහින්දට ඉතාලියෙන් ලැබුණු විශේෂ පිළිගැනීම  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery