‘දිට්වා’ සුළිකුණාටුව බෙංගාල බොක්කේ ගොඩනැඟෙයි - හදිසි නිවේදනය මෙන්න

Report

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) විසින් නිකුත් කළ නිවේදනයකින් හෙළි වන පරිදි, බෙංගාල බොක්කේ නිරිත දිග කොටසේ ගැඹුරු අවපාතයක් ‘දිට්වා’ (Ditwah) නම් සුළිකුණාටුවක් බවට පත්ව තිබේ.

මෙම කාලගුණ පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නව පිහිටා ඇති අතර, එය උතුරු-වයඹ දිශාව තුළින් ගමන් කරමින් තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරවලට බලපෑම් ඇති කිරීමට ඉඩ තිබේ.

අද (27) පෙ.ව. 08:30 වන විට, සුළිකුණාටුව 6.7°N අක්ෂාංශය සහ 82.1°E දේශාංශය අසල පිහිටා ඇති බව ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකින් දැනුම් දෙයි.

රටම අවදානමේ ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක්

රටම අවදානමේ ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක්

මෙය ශ්‍රී ලංකාවේ දකුණු-නැගෙනහිරින් කිලෝමීටර් 120ක් දුරින්, හම්බන්තොටට නැගෙනහිර-උතුරු නැගෙනහිරින් කිලෝමීටර් 130ක් දුරින්, පුදුචෙරියට දකුණු-නැගෙනහිරින් කිලෝමීටර් 640ක් දුරින් සහ චෙන්නායිට දකුණු-නැගෙනහිරින් කිලෝමීටර් 730ක් දුරින් පිහිටා ඇත.

මෙම සුළිකුණාටුව උතුරු-වයඹ දිශාව තුළින් බෙංගාල බොක්ක හරහා ගමන් කරමින්, ළඟදීම තමිල්නාඩු - පුදුචෙරි - දකුණු ආන්ද්‍රා වෙරළට බලපෑමක් ඇති බවට වාර්තාවේ. 

කල්ගිය උසස් පෙළට නැවත විකල්ප දින මෙන්න

කල්ගිය උසස් පෙළට නැවත විකල්ප දින මෙන්න