ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් ...
Sri Lanka
Sri Lanka Navy
Department of Meteorology
Bangladesh
Sri Lanka Fisherman
By Parami Dissanayake
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට (27) අලුයම වනවිට එම සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇති බව එහි සඳහන් වේ.
ගිනිකොණ දිග අරාබි මුහුදේත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත්, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලත් මේ හේතුවෙන් සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.
මේ හේතුවෙන්, එම ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.
