විශ්වවිද්‍යාල වලට ගන්න කඩඉම් ලකුණු වල ගැටලුවක් ද?. Z ලකුණ.. රටම බලා හිටිය දෙය ගැන.. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එම සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, සබරගමුව විශ්ව විද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනා කරන පාඨමාලාවේ කඩඉම් ලකුණු වල කිසිඳු ගැටලුවක් ඇති වී නොමැති බවයි.

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)


ඒ අනුව සභාපතිවරයා පැවසුවේ එම පාඨමාලාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති ව තිබෙන බව පුවත්පත්වල පළ කර තිබූ වාර්තා අසත්‍යක් බවයි.

එමෙන්ම, දිස්ත්‍රික්කයේ තෝරා ගත් ළමයින්ගේ Z ලකුණ කඩඉම් ලකුණ ලෙස භාවිත කරන බව මාධ්‍ය සකච්ඡාවට එක්ව්වෙමින් ඒ මහතා කියා සිටියේ ය.

එමෙන්ම, සියළුම විශ්ව විද්‍යාලවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේ ය.

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..


තවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් කඩඉම් ලකුණු සැලකිල්ලට ගෙන අදාළ විශ්ව විද්‍යාලය තෝරා දෙන බවත් සභාපතිවරයා පැවසීය. 

මෙරට විශ්ව විද්‍යාලයක ඇති පාඨමාලාවක ගුණාත්මක භාවය අමෙරිකාව සේම පවතින බවත් එම හේතුවෙන් ලෝකයේ ඕනෑම රටකට යාමට අවස්ථාව හිමිවන බවත් ඒ මහතා කියා සිටියේ ය.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..


එමෙන්ම, වාණිජ ධාරාවෙන් පාඨමාලාවට ඉල්ලුම් කරලා තිබෙන දරුවන්ගේ Z ලකුණු වෙබ් අඩවිය තුළින් පළ කිරීම දරුවන්ගේ ඉල්ලීම අනුව සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමට මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් පවතින බවයි.