මුලු දිවයිනටම පැනවූ ඇදිරි නීතිය ඉවත් කරයි!!! ඉදිරියෙදි වෙන දේ මෙන්න..

Report

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (12) පෙ.ව 07.00ට ඉවත් කෙරෙනවා.

එය පස්වරු 02.00ට යළි පැනවෙන අතර පසුදින (2022-05-13) පෙරවරු 06.00 දක්වා බල පැවැත්වෙනවා.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery