වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවූ සියලු ප්‍රදේශ මෙන්න...31 රෑ සිදුවූ දේ.(VIDEO)

Curfew Police Sri Lanka Colombo Nugegoda Galkissa
By Aruna Mar 31, 2022 11:20 PM GMT
Aruna

Aruna

Report

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට සහ ගල්කිස්ස සහ කැළණිය පොලිස් බල ප්‍රදේශවලට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙනතෙක් මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන - පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුව එම විරෝධතාකරුවන් කලහකාරීව හැසිරීම හමුවේ පොලිසිය ඔවුන් විසිරුවහැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

රට මුහුණ දී තිබෙන අර්බුදවලට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාව ආරම්භ වුණේ රාත්‍රි 8ට පමණයි.

විරෝධතාවට එක්වූවන් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන - පැගිරිවත්ත මාර්ගය අවහිර කළා.

ඒ අවට මේවන විටත් දැඩි පොලිස් ආරක්ෂාවක් ද දැකගත හැකියි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery