T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට - හේතුව මෙන්න
ඔස්ට්‍රේලියාවේ T20 ලෝක කුසලානය සඳහා සංචිතය නම් කර තිබේ.
ඒ අනුව නායක ලෙස මිචෙල් මාෂ් නම්කර ඇති අතර ක්‍රීඩකයන් ලෙස සේවියර් බාට්ලට්, කූපර් කොනොලි, ටිම් ඩේවිඩ්, බෙන් ද්වාර්ෂුයිස්, කැමරන් ග්‍රීන්, නේතන් එලිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, මැට් කුහ්නමන්, ග්ලෙන් මැක්ස්වෙල්, මැට් රෙන්ෂෝ, මාකස් ස්ටොයිනිස් සහ ඇඩම් සැම්පා ඇතුළත් වේ.
සංචිතයෙන් පැට් කමින්ස්, ස්ටීවන් ස්මිත් සහ මැතිව් ෂෝර්ට් ඉවත් කර ඇති අතර, මැට් රෙන්ෂෝ මැතිව් ෂෝර්ට් වෙනුවට ආදේශ කර ඇත.
පැට් කමින්ස් පිටේ ආබාධයක් නිසා, ස්ටීවන් ස්මිත් කණ්ඩායමෙන් නම් නොකර ඇති අතර, තවත් ක්‍රීඩකයින්ගේ තත්ත්වය අනුව සංචිතය මෙම ආකාරයට සංවිධානය වී ඇති බව සඳහන් වේ.
මාලිමාවේ ලොක්කෙක්ට තවත් පැමිණිල්ලක් - කියපු පච හිටපු කථානායකවරයෙක් සහ පොහොට්ටුවේ ප්‍රබලයෙක් දිගාරියි