පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර තේරී පත් වෙයි
By R.rishma
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා තේරී පත් විය.
ශ්‍රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රධානත්වයෙන් 2025.02.28 වන දින පැවැත්වුණා.
එම අවස්ථාවේදී සුනිල් කුමාර මෙලෙස සභාපති ධූරය සඳහා තේරී පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම තේරී පත් වී තිබෙනවා.
