CTB ආදායම වැඩිවෙයි

By Hashini Apr 20, 2025 10:51 AM GMT
Report

 මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක පවසනවා.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද ඒ මහතා පැවසුවා.

වී මිල පිලිබඳ නැවත ගැටළු මතුවන්නේ නැහැ - ජනපති

වී මිල පිලිබඳ නැවත ගැටළු මතුවන්නේ නැහැ - ජනපති

ඒ අනුව මහනුවර - කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බව ද ජාතික ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර

උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර