ලංකාවේ කොටස්වලටත් යුධ උණුසුම වැදෙයි - කොළඹ කොටස් කඩන් වැටේ
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (9) දින ඒකක 797.77 කින් පහළ ගොස් ඇත.
ඒ අනුව එය 21,904.14 ක් වශයෙන් සටහන් විය. එබැවින් වාර්තා වූ පිරිවැටුම වූයේ රු: බිලියන 5.8ක්.
මේ අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය හමුවේ ඇති අස්ථාවරභාවය නිසා ගෝලීය කොටස් වෙළඳපොළවල් ද දැඩි ලෙස පහත වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.