ට්‍රම්ප්ගේ චීන තීරුබදු තර්ජනයෙන් ක්‍රිප්ටෝ දෙදරයි

Report

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට අතිරේක 100%ක තීරුබදු පැනවීමේ තර්ජනය හේතුවෙන් ගෝලීය cryptocurrency වෙළඳපොළට දැවැන්ත කම්පනයක් ඇති වී ඇත. 

පසුගිය දින දෙක තුළ මෙම වෙළඳපොළ ඉතිහාසයේ වාර්තාගත විශාලතම මූල්‍ය "ද්‍රවීකරණ" (liquidation) රැල්ලකට මුහුණ දුන් බව Bloomberg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. පැය 24ක කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 19කට වඩා වටිනාකම් සහිත ආයෝජන වෙළඳපොළෙන් ඉවත්ව ගිය බව CoinGlass දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථානය පවසයි.

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

බිට්කොයින්, ඊතර් සහ සොලානා යන ක්‍රිප්ටෝ මුදල්වලට බලපෑම බරපතල වූ අතර, පැය 24 තුළ බිට්කොයින් ඩොලර් බිලියන 5කට, ඊතර් බිලියන 4කට සහ සොලානා බිලියන 2කට ආසන්න වටිනාකම් ඈවර වී ඇත. CoinGlass X (ට්විටර්) සටහනකින් මෙය "ක්‍රිප්ටෝ ඉතිහාසයේ විශාලතම ඈවරකිරීමේ සිදුවීම" ලෙස හඳුන්වා ඇත.

පසුගිය දින පහ තුළ බිට්කොයින් මිල 10%කින් පහත වැටී ඩොලර් 111,616.20 දක්වා හාඩු වූ අතර, ඊතර් සිකුරාදා ඩොලර් 4,365.63 වූයේ දැන් ඩොලර් 3,742.88 දක්වා 14.2%ක පහතවැටීමකට ලක්ව ඇත. සොලානා සිකුරාදා ඩොලර් 223.10 වූයේ දැන් ඩොලර් 178.72 දක්වා 20%කට ආසන්න පහතවැටීමකට මුහුණ දී තිබේ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි

විශාලතම ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථානයක් වන Binance හි "දැඩි වෙළඳපොළ ක්‍රියාකාරකම්" හේතුවෙන් ගිණුම් ගැටලු සහ වෙළඳාම් අඩංගු වීම් ද වාර්තා වී ඇත.

ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් ඇමරිකාව-චීනය අතර වෙළඳ ආතතීන් නැවත උත්සන්න වූ අතර, Wall Street ද තියුණුවෙන් පහත වැටුණි. ගිම්හානය තුළ වොෂින්ටනය-බීජිං සබඳතා වැඩිදියුණු වීමත් සමඟ මෙම වසර මුලදී චීනයට පනවා ඇති තීරුබදු අඩු කිරීමට ට්‍රම්ප් එකඟ වූවත්, සිකුරාදා (10) ප.ව. ඔහු පවතින තීරුබදු ඉක්මවා 100%ක අතිරේක බදු පැනවීමට තර්ජනය කළේය. මෙය නොවැම්බර් 1 හෝ ඊට පෙර සිදුවනු ඇතැයි ඔහු පැවසූ අතර, චීනය එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නම් බදු වේගවත් කරන බවද අනතුරු ඇඟවීමක් කළේය.

චීනය දුර්ලභ ඛනිජ සඳහා අපනයන සීමාවන් වැඩි කිරීමෙන් බ්‍රහස්පතින්දා (09) ආතතීන් උත්සන්න වූවත්, ට්‍රම්ප්ගේ තර්ජනය මෙම වෙළඳ යුද්ධය නැවත දරුණු කිරීමේ සංඥාවක් ලෙස සැලකෙයි. 

මාලිමා රජයට ඡන්දය දුන් සමහරු ඈත් වෙලා.. - නාමල්

මාලිමා රජයට ඡන්දය දුන් සමහරු ඈත් වෙලා.. - නාමල්

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු