කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිං කැටවලට කළ යුතු දේ මෙන්න. - නාමල් උයනේ රාහුල හිමි.

Sri Lanka
By Wayomi Sep 25, 2023 10:28 AM GMT
Wayomi

Wayomi

Report

පූජනීය ස්ථාන රැසක ප්‍රකෝටි ගණන් මුදල් හා රන් ආභරණ වංචා සිදුවන බැවින් කෝටි ගණන් පඬුරු වැටෙන සියළුම විහාරස්ථාන හා දේවාලවල පිංකැටවලට වහාම සීල් තැබිය යුතු බව ජාතික නාමල් උයනේ වනවාසි රාහුල හිමියන් පවසනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ මෙලෙසින්,

" ජනාධිපතිවරයා මේ සඳහා වහාම පියවරක් ගත යුතුයි. විගණකාධිපතිවරයා සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර සහ දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයෙන් යුතු විගණනයක් අනිවාර්යයෙන් සිදු කළ යුතුයි.

බොහෝ විහාරස්ථානවල නායක හිමිවරුන් නොව ආධාර සහ පින්කැට පාලනය කරන්නේ එහි සිටින ආරක්ෂක නිලධාරීන්, රියැදුරන් සහ කාන්තාවන්. ඒ සියලුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක්. දායකයන් භක්තිමත්ව දෙන ආධාර මෙලෙස ගසා කෑම හේතුවෙන් කිසිදු විහාරස්ථානයක හෝ දේවාලයක සංවර්ධනයක් සිදු වන්නේ නෑ. එම ආධාර හෝ මුදල්වලට සිදු වන්නේ කුමක්ද යන්න කිසිවකු නොදැනීම ගැටලු සහගතයි.

විහාර දේවාලගම් පනත සං‍ශෝධනය කිරීමත් කාලීන අවශ්‍යතාවක්. ඒ අනුව සංඝාධිකරණ පනත ද ගෙනැවිත් ධර්ම සංඝායනාවක් ද පවත්වා බුදු දහම රැක ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මේ යුගයේ උදාවී තිබෙනවා.

එදා රජවරුන් අක්කර සිය දහස් ගණන් විහාරස්ථානවලට පූජා කළේ පරම සද්භාවයෙන්. අද එම රජවරුන් සිටියේ නම් උදා වන්නේ කුමන තත්ත්වයක්ද. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයාව සිටියදී අකිල විරාජ් කාරියවසම් මහතා සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පින්කැට සීල් තැබීමට කටයුතු කරද්දී එයට බොහෝ පිරිස් විරුද්ධ වුණා. මම පමණක් එය අනුමත කළා. පින්කැටවලට සීල් තැබීමට විරුද්ධව කටයුතු කරන්නේ හොර තක්කඩියන් පිරිසක්.

විහාරස්ථාන සහ දේවාලවලට ලැබෙන පින්කැටවල මුදල් මාසිකව ගණනය කර පොදු අරමුදලකට දැමිය යුතුයි. ඒවා ගසා කන්නන්ට එරෙහිව දූෂණ විරෝධී පනත අනුව කටයුතු කළ යුතුයි."  

ReeCha