රත්තරන් බිස්කට් පෙන්නා කෝටි ගාණක් පැහැර ගෙන

Sri Lanka Police Crime Law and Order Gold Sinhala news
By Kaushi May 12, 2025 03:20 AM GMT
Kaushi

Kaushi

Report

මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ කොල්ල කා ඇත්තේ ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සතු වූ රුපියල් කෝටි 22 ක මුදලක්.

කොල්ලය ඉකුත් 8 වන දා අඳාළ ව්‍යාපාරිකයාගේ නිවසේ දී සිදු ව තිබෙනවා.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

සැකකරුවන් විසින් ව්‍යාපාරිකයා වෙත කැරට් විසි හතරේ රත්තරන් බිස්කට් එකක් දී එහි ගුණාත්මක තත්ත්වය පරික්ෂා කර දෙන මෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එය ව්‍යාපාරිකයා විසින් පරික්ෂා කරන විට එය නියම කැරට් විසි හතරේ රත්තරන් බවට අනාවරණය වී ඇත.

ඉන්පසු සැකකරුවන් විසින් ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ තවත් එවැනිම රත්තරන් බිස්කට් කිලෝ 15 ක් ඇති බවයි.

ඒ සඳහා ඔහුගෙන් රුපියල් කෝටි 22 ක් ඔවුන් ඉල්ලූ බව සඳහන්.

ඒ අනුව අඳාළ කෝටිපති ව්‍යාපාරිකයා විසින් තමා සතු කෝටි ගණනක් වටිනා ජිප් රථයක් සහ තම අඹු දරුවන්ගේ ද ස්වර්ණාභරණ ද උකස් කොට ඇත.

වැඩි සැප හොයන්න ගිහින් අවසානයේ උන දේ

වැඩි සැප හොයන්න ගිහින් අවසානයේ උන දේ

ඉතිරි මුදල ද තම යහළු මිත්‍රාදීන්ගෙන් ණයට ගෙන ඉල්ලූ රුපියල් කෝටි 22 ක මුදල සකස් කර ගෙන තිබෙනවා.

ඒ අනුව කතාබහ කරගත් පරිදි ඉකුත් 8 වන දා වෑන් රථයකින් පුද්ගලයන් 8 දෙනෙක් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇත.

එහෙත් එසේ පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි අනිකුත් සාමාජිකයන් ද සූක්ෂම අයුරින් වෙනත් නිවසකට යවා අඳාළ මුදල ව්‍යාපාරිකයාගෙන් පැහැර ගෙන පලා ගොස් තිබෙනවා. 

ReeCha