ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ඉහළට - ඉදිරි පැය 24 නවතම තත්ත්ව

TN Weather Landslide In Sri Lanka Weather Floods In Sri Lanka Latest Headlines
By Sewvandhi Nov 28, 2024 10:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,  නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවයි.

හෙට (29) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසීය. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවද දැනුම්දෙයි.

හෙට දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තු වෙයි. කෙසේවෙතත් හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වෙයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇදහැලෙයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ReeCha