මාසයේ දවස් 15ක් මෙහෙමයි - රජයේ සේවකයින්ගේ ඇත්ත කතාව මන්ත්‍රීවරයෙක් එළියට දමයි
රජය ඉදිරිපත් කළ 2027 අයවැයෙන් ජීවන වියදමට සහනයක් ලැබෙනු ඇතැයි ජනතාව විශාල අපේක්ෂාවකින් පසුවුවද, එම අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් ජනතාව කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හබීබ් රිෆාන් මහතා පවසනවා.
විශේෂයෙන්ම රජයේ සේවකයින් මාසික වැටුපෙන් ජීවත්වීමට නොහැකිව මාසයේ ඉතිරි දින 15 තුළ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද 2027 වසර සඳහා වූ අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ විවිධ අමාත්‍යාංශ සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම සාධනීය කරුණක් බවයි. තමන් නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහාද ප්‍රතිපාදන වෙන් කර තිබීම අගය කරන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම අධ්‍යාපන විද්‍යාපීඨවල ඉගෙනුම ලබන සිසුන් සඳහා රුපියල් 20,000 දක්වා මාසික දීමනාවක් ලබාදීම සහ පාසල් සිසුන්ගේ අභ්‍යාස පොත් ඇතුළු පොත්පත් සඳහා බදු සහන ලබාදීම පිළිබඳවද රජයට ස්තූතිය පළ කළා.
කෙසේ වෙතත්, අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කළ මන්ත්‍රීවරයා, ලාෆ්ස් ගෑස් සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නා.
ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්
එම තත්ත්වය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට අමතර ආර්ථික බරක් එක්කර ඇති බවයි ඔහුගේ අදහස වූයේ.
විදුලි බිල්පත් සම්බන්ධයෙන්ද ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා, විදුලි සම්බන්ධතාව විසන්ධි කිරීම සඳහා රුපියල් 800ක මුදලක් අය කිරීමට හේතුව පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදිය යුතු බව අවධාරණය කළා.
රජයේ සේවකයින්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 60,000ත් 70,000ත් අතර වන බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා, ඔට්ටමාවතී සහ වාලච්චේන වැනි ප්‍රදේශවල සිට අක්කරෙයිපත්තුව, කල්මුණේ සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට රැකියා සඳහා ගමන් කරන ඇතැම් රාජ්‍ය සේවකයින්ට ප්‍රවාහන වියදම් ලෙස මාසිකව රුපියල් 20,000ක් පමණ වැය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.
ඊට අමතරව රැකියා ස්ථාන ආශ්‍රිතව ආහාර සඳහා තවත් රුපියල් 20,000ක් පමණ වැය වන බැවින්, මූලික අවශ්‍යතා දෙක සඳහාම රුපියල් 40,000ක් වැය වන බවත්, එවැනි තත්ත්වයක් තුළ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට හෝ මුදලක් ඉතිරි කර ගැනීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
තවද, ලෝක සතුට පිළිබඳ වාර්තාවට අනුව රටවල් 143ක් අතරින් ශ්‍රී ලංකාව 134 වැනි ස්ථානයේ පසුවීම ජනතාව මුහුණ දෙන අසතුටුදායක තත්ත්වය පිළිබිඹු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, රටේ ආර්ථික සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වුවද, විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැලිකමක් දක්වන බවද හබීබ් රිෆාන් මහතා සඳහන් කළා.
පාකිස්තානයේ සහ මාලදිවයිනේ තානාපතිවරුන් සමඟ පැවැති හමුවකදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පෙන්වා දුන් බවද ඔහු අනාවරණය කළා.
එබැවින් විදේශ ආයෝජකයින් මුහුණ දෙන බාධා ඉවත් කරමින් රට තුළ නව රැකියා අවස්ථා බිහිකිරීමට රජය කඩිනම් හා ඵලදායී පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.