රටම දැඩි අවදානමක.වෛද්‍යවරුන්ගෙන් රතු එළි..යළිත් Lockdown ද..?

COVID19 SUDHARSHANI DR KAPILA JAYARATHNA DR HEMANTHA HERATH CHANNA
By Sewvandhi Nov 17, 2021 04:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ කොවිඩ් අවදානම තවම පහව ගොස් නොමැති පසුබිමක විපක්ෂය ඊයේ (16) පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් කණගාටු වන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියාකාරකම් යළි රට වසා දැමීමකට තල්ලු කරන බවය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා,

"වසංගතය ඉවර නෑ. මේ මරණ නිකම්ම නිකම් මරණ නෙමෙයි. මෙතන දරුවෝ, ගර්භණී කාන්තාවෝ, වැඩිහිටියෝ ඉන්නවා. මේ ජීවිත. ඒ හැම එකකටම අපි හැමදෙනාම වගකියන්න ඕනේ."

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

"මීට පෙර උගත් පාඩම් තිබියදීත් විශාල පිරිසක් කොළඹට එකතුවීම පිළිබඳව අපිට කණගාටුවක් තමයි තියෙන්නේ."

විශේෂඥ වෛද්‍ය සුරර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

"මේක උද්ඝෝෂණ කරන්න වෙලාවක් නෙමෙයි. මේ උද්ඝෝෂණ හරහා කොවිඩ් ව්‍යාප්ත වෙන්න අවශ්‍ය පරිසරය අපි ඇති කරනවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ වැඩේ කරන්න එපා කියලා."

මේ අතර, වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණි. මේ දක්වා බූස්ටර් එන්නත ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 128,811කි. ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක කාලයක් සම්පූර්ණ කර ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවය.

එමෙන්ම පළමු හා දෙවන එන්නත් ලෙස කුමන වර්ගයේ එන්නතක් ලබා සිටියත් තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුකෙරේ.

බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ නිවසක පසුගියදා පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 32 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. ඒ ඊයේ (16) සහ අද (17) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදීය. ඒ අතර කුඩා දරුවන්ද සිටින බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

   

ReeCha