ටෝෆු එපා කියන අයත් පිස්සුවෙන් වගේ කන "ක්‍රිස්පි හොට් ඇන්ඩ් ස්පයිසි ටෝෆු" රෙසිපි එක මෙන්න
චීනයෙන් ලොවට හඳුන්වා දුන් ටෝෆු අද වන විට නිර්මාංශ ආහාර වේලක අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ.
සෝයා කිරි උකුකර සාදාගන්නා මෙම ආහාරය පෝෂ්‍ය ගුණයෙන් ඉහළ අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන බොහෝ දෙනාගේ ප්‍රියතම ආහාරයක් බවටද පත්ව ඇත.
ටෝෆු ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක කැලරි, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆයිබර් සහ හිතකර මේද අඩංගු වන අතර, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, කොපර් සහ විටමින් A වැනි පෝෂකද සපයයි.
අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් පහසුවෙන් සහ රසවත් ලෙස ටෝෆු සකසා ගත හැකි ක්‍රමයකි.

අවශ්‍ය ද්‍රව්‍ය
ටෝෆු ග්‍රෑම් 200ක් - ලූනු ගෙඩියක් - අමු මිරිස් 2ක් - සුදුළූණු බික් 2ක් - සෝයා සෝස් මේස හැඳි 1ක් - මිරිස් කුඩු තේ හැඳි 1/2ක් - ගම්මිරිස් කුඩු ස්වල්පයක් - ලුණු රස අනුව තෙල් මේස හැඳි 2ක් - කොත්තමල්ලි හෝ ලූනු කොළ ස්වල්පයක්
සාදන ක්‍රමය
- මුලින් ටෝෆු කුඩා කැබලිවලට කපා ගන්න.
- තැටියකට තෙල් දමා ටෝෆු කැබලි රන්වන් පැහැයක් එනතුරු බැද ගන්න.
- වෙනත් පෑන් එකක තෙල් ස්වල්පයක් දමා සිහින්ව කපාගත් ලූනු, අමු මිරිස් සහ සුදුළූණු බැද ගන්න.
- ඉන්පසු සෝයා සෝස්, මිරිස් කුඩු, ගම්මිරිස් සහ ලුණු එක්කර හොඳින් කලවම් කරන්න.
- අවසානයේ බැදගත් ටෝෆු එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න.
- කොත්තමල්ලි හෝ ලූනු කොළ ඉස උණුවෙන්ම පිළිගන්වන්න.
මෙය බත්, නූඩ්ල්ස් හෝ රොටි සමඟ ඉතා රසවත් ලෙස ආහාරයට ගත හැකි අතර, ඉක්මනින් සකස් කරගත හැකි සෞඛ්‍යදායී ආහාරයකි.