පුද්ගල ඝාතන ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි (PHOTO)

Report

කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇති අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඔහු යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන "ප්‍රසන්න නල්ලලිංගම්" හෙවත් ‘අජන්තන් සුබ්‍රමනියම්‘ නැමැත්තා බව වාර්තා වේ.

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු ගැටුමකට අදාළව බව සඳහන්.

ඒ අනුව ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවේ ටොරොන්ටෝ හිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට සිදුවු පුද්ගල ඝාතන සහ තවත් අපරාධ කිහිපයකට ද අවශ්‍යව සිටි පුද්ගලයෙකු වූ ඔහු 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇත.

ඉන්පසු මෙම ප්‍රසන්න නල්ලලිංගම් නැමති අපරාධකරු නීතිවිරෝධීව අමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවල රැඳී සිට තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතන සිද්ධියක මොහු සැකකරුවෙකු වන බවයි.

ඒ අනුව ඔහුව ටොරොන්ටෝ හිදී ඉකුත් දෙසැම්බර් මාසයේ දී අත්අඩංගුවට ගෙන මේ වන තෙක් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා සිටි බව සඳහන්.

එම සිද්ධියට අදාළව කැනඩාවේ ඔන්ටාරියෝ අධිකරණය නියෝග කර ඇත්තේ මෙම ‘ප්‍රසන්න නල්ලලිංගම්‘ නැමැති අදාළ ශ්‍රී ලාංකිකයාව ප්‍රංශයට පිටුවහල් කරන ලෙසයි. 

පුද්ගල ඝාතන ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි (PHOTO) | Criminal Gang Leader Crimes Deported Canada