බිරිඳටයි අසල්වැසියටයි එකම ඉරණම..සැමියෙක් කළ හරියක්..අන්තිමේදී සියදිවිත් නසාගෙන..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Murder
By Sewvandhi
මොරටුව, ඉඳිබැද්ද ප්රදේශයේ දී පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී සියදිවි හානිකරගෙන තිබේ.56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.
අදාළ පුද්ගලයා ඊයේ පස්වරුවේ සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී නිවස තුළ ගෙලවැලලාගෙන මියගොස් ඇති බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවය. අදාළ සිදුවීමට පෙර ඔහු විසින් නිවසට යාබද ස්ථානයක සිටි පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර කලක සිට පැවති ආරවුලක් එම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්ය.
…………………………………………………………………………………
You may like this video 👇