වෙඩිතැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Feb 17, 2023 03:42 AM GMT
krishani

krishani

Report

ඊයේ (16) රාත්‍රියේ දී, මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසු වූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join