පොරෝ පහරින් සිදු වූ පවුල් ආරවුල..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 18, 2022 03:16 AM GMT
krishani

krishani

Report

අකුරැස්ස - ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීම හේතුවෙන් බෑනා විසින් ඊයේ (17) රාත්‍රී මෙම පුද්ගලයාට පහරදීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ 66 හැවිරිදි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුයි.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.