දුරදිග ගිය බහින්බස් වීම ජිවිතයක් අහිමි කරයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 24, 2023 06:14 PM GMT
krishani

krishani

Report

පානදුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාලක ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහර දීමෙන් එක් අයෙක් මියගොස් තිබෙනවා.

ඒ ත්‍රිරෝද ගාල් කිරිමට ඉඩ ලබාගැනීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් ය.

එහිදී පහර කෑමෙන් තුවල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.

පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා මිතුරන් බවත් මිය ගිය පුද්ගලයා අසනීපෙන් සිට ඇති බවත් ය.වයස අවුරුදු 46ක් වන ඔහු පානදුර කෙසෙල්වත්ත ගාලුපාරේ පදිංචිකරුවෙක් වේ.

කෙසේ වෙතත්, පහර දුන් පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.

ReeCha