කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

Central Bank of Sri Lanka Economy of Sri Lanka Money Latest Headlines Sinhala news
By Ashfa Jul 24, 2025 07:41 AM GMT
Ashfa

Ashfa

Report

මෙරට දිනකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක් සිදු වන අතර ඉන් ගනුදෙනු ලක්ෂ 8ක් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගින් සිදු වන බවත් තවත් ගනුදෙනු ලක්ෂ 6ක් ඔන්ලයින් ගනුදෙනු ලෙස සිදුවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පවසා සිටියි.

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

ඊයේ (23) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේ ය.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ සෑම වෙළඳසැලකම මෙම ඩිජිටල් ගනුදෙනු ක්‍රියාත්මක නොවුන ද, මෙරට තුළ හොද ඩිජිටල් ගෙවීම් පද්දතියක් පවතින අතර එය ඉතාමත් හොද ආකාරයෙන් ක්‍රියාත්මක වන බවයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

"ඩිජිටල් ගණුදෙනු ගත්තහම ලංකාව ඇතුලත දවසකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක ප්‍රමාණයක් සිද්ධ වෙනවා.

ඒකෙන් ලක්ෂ 8ක වගේ ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ Debit කාර්ඩ්පත් Crebit කාර්ඩ්පත් හරහා. අනෙකුත් තව ලක්ෂ 6ක ප්‍රමාණයක් online transaction හරහා සිද්ධ වෙනවා. එතකකොට ඒ ආකාරයෙන් ලංකාව තුළ දැනට ඩිජිටල් ගනුදෙනු කියන එක හොද ආකාරයෙන් ක්‍රියාත්මක වනවා.

හැබැයි ඕක දකින්න ලැබෙන්නේ නැහැ ඔබ හැම කඩේකටම ගිහාම හැම තැනකම මේක තියනවා කියලා. එතකොට ප්‍රෙටික්‍රේෂන්, ඇඩොප්ෂන් කියන එක පැත්තෙන් කිසියම් දුර්වලතාවයක් තියනවා.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

නමුත් ඩිජිටල් ගෙවීම් පද්දති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුලත හොඳ ඩිජිටල් ගෙවීම් පද්දතියක් පවතිනවා සහ ඒ වගේම ඉතාමත් හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා." නමුත් ඇතැම් ආයතන මෙලෙස ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගින් ගනුදෙනු සිදු කිරීමේ දී ආදාල පාරිභෝගිකයාගෙන් 2.5% ක 3%ක පමණ අමතර මුදලක් අයකර ගැනීම දැක ගත හැකි වුවත් එවැනි අමතර අය කිරීම් සඳහා එම ආයතන වලට කිසිදු හැකිවක් නොමැති බව ද ඔහු එහි දී පවසා සිටියේය ය. ඒ අනුව එලෙස කිසියම් පාර්ෂවයක් ඩිජිටල් ගනුදෙනු සඳහා අමතර මුදලක් අය කරන්නේ නම් එම අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් අදාල කාඩ්පත නිකුත් කරනු ලැබූ බැංකුවට පැමිණිල්ලක් සිදු කළ යුතු බව

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. තව ද ඔහු පවසා සිටියේ අදාළ බැංකු ගාස්තුව සටහන් කර ගනිමින් රිසිට් පතක් ලබා ගැනීම ද ඉතා වැදගත් බවත් එවිට අදාළ ගාස්තුව යළි අය කර ගත හැකි බවත් ය.

"සමහර ආයතන වලට ගියාම 2.5% ක 3%ක පමණ අමතර මුදලක් අය කරනවා කියන ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ මේ හැම ආයතනයක් වෙනුවෙන්ම credit card පතක් ලබා ගන්න, ඔවුන් එම පහසුකම ලබාගන්නේ බැංකුවකින් ලංකාවේ තියන. ඒ බැංකුව සහ එම ආයතනය අතර ගිවිසුමක් පවතිනවා. එම ගිවිසුමේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා.

වැඩිපුර කිසිම මුදලක් ඒ ආයතනලට ලබා ගත නොහැකි බව. ඔබගෙන් කවුරු හරි වැඩිපුර මුදලක් ලබා ගන්නවා නම් වහා ම ඔබගේ කාඩ්පත නිකුත් කරපු බැංකුවට ඔබ පැමිණිල්ලක් කරන්න. සහ ඔබ අවශ්‍යයි. ඒ වගේ වෙලාවක යම් කිසි රිසිට් පතක් ලබා ගන්න අවශ්‍යයි ඔබගෙන් වැඩිපුර ගාණක් ගත්තා කියලා තහවුරු කරන්න.එවිට බැංකු දෙක කතා කරලා ඔබගේ වැඩිපුරා ලබා ගත් මුදල නැවත අය කර ගන්න පුළුවන්." 

ReeCha