උඹ දන්නවනේ සනාට වෙච්ච දේ - මාලිමාවේ සභාපති කෙනෙක්ටත් මරණ තර්ජන

Report

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයයේ කසුන් රත්නායකට "හඳයා" වශයෙන් හැඳින්වූ අයකු මරණීය තර්ජනය කළ බව කියමින් ඔහු හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව සභාපතිවරයා පසුගිය 27 වැනි දින ඔහුගේ කාර්යාලයේදී ‘මහජන දිනය” පවත්වමින් සිටියදී දහවල් 12.33 ට පමණ කාර්යාලයේ ජංගම දුරකථන අංකයට අඳාළ ඇමතුම ලැබී ඇති බවට වාර්තා වේ.

එහිදී හඳයා ලෙස හැඳින්වූ පුද්ගලයා විසින් " උඹ දන්නවනේ සනාට වෙච්ච දේ " යැයි පවසමින් සභාපතිවරයාට මරණීය තර්ජනය කර තිබෙන බවට ඔහු පසුගිය 28 වන දින පොලිසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙන බව පවසයි.

මහින්ද දේශපාලන ප්‍රබලයෝ ගොඩක් මහ රෑ ගෙට දාන් කතා කරේ මේකයි එහෙනම් - විස්තරේ මෙන්න

මහින්ද දේශපාලන ප්‍රබලයෝ ගොඩක් මහ රෑ ගෙට දාන් කතා කරේ මේකයි එහෙනම් - විස්තරේ මෙන්න

ඒ අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් මෙන්ම සභාවේ ලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව කියයි.

සිදු කළ විමර්ශනවලදී එම තර්ජනාත්මක ඇමතුම සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ලබාගෙන ඇති බවට හෙළිව ඇත.

එසේම එම තර්ජනාත්මක ඇමතුම මෙරට රැඳී සිටි පුද්ගලයෙකුගෙන් වැරදීමකින් පැමිණෙන්නට ඇති බවටද බොහෝදුරට සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කෙසේ වුවද අධිකරණයට කරුණු වාර්තා කර දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන හෝමාගම මූලස්ථාන පොලිසිය සිදුකර‍යි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි