අද දකුණු අප්‍රිකාවෙන් වාර්තාගත ඉලක්කයක්
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) දින පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව මෙය වාර්තා අතරට එක් වූයේ වසර 52ක එක්දින කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන්.
ඒ 2022 අවසන් මහා තරගයේදී එංගලන්තයට විරුද්ධව ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබාගත් 356 එහි වාර්තා වේ.
මේ අතර දකුණු අප්‍රිකානු නායිකා මෙන්ම ආරම්භක පිතිකාරිනී ලෝරා වොල්වාඩ් පන්දු 143කට මුහුණදෙමින් ලකුණු 169ක් රැස්කර තිබෙනවා.